ලොව ජනප්‍රියතම පණිවුඩ සේවාව "WhatsApp" බවට පත්විය.


ජංගම දුරකථන හරහා සිදුවන පණිවුඩ හුවමාරුවේදී යොදාගන්නා ජනප්‍රියතම සේවාව "WhatsApp" වෙත හිමිවී තිබේ. මෙයට පෙර ලොව පුරා පණිවුඩ යැවීමේ මුල්තැන ගෙන තිබුනේ Fcebook Messenger ය. 


පසුගියදා සමාර්ට්ෆෝන් හිමිකරුවන්ගේ සංවිධානය විසින් සංවිධානය කල සමීක්ෂණයකදී මේ බව හෙළිවී තිබේ. මෙම සමීක්ෂණය රටවල් පහක සමාර්ට්ෆෝන් හිමිකරුවන් 4000 ක් යොදාගෙන සිදුකොට තිබේ. 

ඇමරිකාව, දකුණු අප්‍රිකාව, ඉන්දුනීසියාව, බ්‍රසීලය, චීනය යන රවට වල කල සමීක්ෂණයේ 44% දෙනෙකුම සිය ස්මාර්ට්ෆෝන් දුරකතනයේ භාවිතාකරන්නේ "WhatsApp" බව හෙළිවී තිබේ. 

එම සමීක්ෂණයේ ප්‍රතිඵල පහත පරිදි වේ. 


Whats App - 44%
Facebook Messenger - 35%
We Chat - 28 %
Twitter - 16% 


Whatsapp සේවාව පළමු වසරේ නොමිලේ ලබාදෙන අතර එම අවුරුද්ද පුරා වෙළඳ දැන්වීම් ප්‍රදර්ශනයකින් තොරව සේවාව සපයනු ලැබේ. ඉන් අනතුරුව ඩොලර් 0.90 වැනි මුදලක් ගෙවා වසරක් පුරා WhatsApp සේවාව ලබාගත හැක.

2009 වසරේ එළිදැක්වූ මෙම මෘදුකාංගයේ නිර්මාතෘ වන්නේ යාහූ සමගමේ සේවය කල ඇමරිකානු හා යුක්‍රේන ජාතිකයන් දෙදෙනෙකි.

මිලියන 700ක ජනතාවක් WhatsApp භාවිතා කරන අතර මේ හරහා දිනකට ජායාරූප මිලියන 400ක් හා පණිවිඩ බිලියන 27ක් හුවමාරු වේ. 


Viber පණිවුඩ හුවමාරු මෘදුකාංගය මෙන් නොව Whatsapp හි අනවශ්‍ය පුද්ගලයන් බ්ලොක් කිරීමේ හැකියාවද පවතී. ජායාරූප හුවමාරුවීමේ වේගයද වැඩිය.


උපුටාගෑනීම:- Aluth.com

despicable me 2

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes