භාවිතා කරනු ලැබූ Laptop පරිගණකයක් මිළඳී ගැනීමේදී සැලකිය යුතු කරුණු

[Image: Untitled-1.jpg]



භාවිතා කරපු ලැප්ටොප් පරිගණකයක් ලබා ගැනීමේදී, එහෙමත් නැත්නම් මිළදී ගැනීමේදී අප සැලකිලිමත් විය යුතු කොටස් කිහිපයක් තිබෙනවා.
  • පරිගණකයෙන් කර ගැනීමට බලාපොරොත්තු වෙන වැඩවලට Processor, RAM සහ Hard Disk යන උපාංගවල ධාරිතාවන් ගැළපෙනවද කියලා බලන්න ඕනි. ඒ වගේම CD/DVD Writer, Web Cam, Bluetooth හැකියාව, WiFi හැකියාව, Card Reader පවතීද යනාදී අත්‍යාවශ්‍ය හැකියා තිබේදැයි විමසා බලන්න.

  • පරිගණක තිරයේ දිග-පළල තමාගේ අවශ්‍යතාවයන්ට ගැලපේදැයි බලන්න. ඒ වගේම එම තිරය හෙවත් Screen එකේ සෑම තැනකම එකම ආකාරයෙන් වර්ණ පේනවද කියලා බලන්න. යම් තැනක වර්ණ නොපෙනෙන දිලිසුම් ස්ථාන තියෙනවනම් ඒ Screen එක දෝෂ සහිතයි.

  • ලැප්ටොප් පරිගණකයේ බාහිර ආවරණයෙහි (chassis) තැලුම් ලකුණු වේනම් එය බිම වැටීමට ලක් වූ එකක් වෙන්න පුලුවන්. ඒ වගේම පරිගණකයේ යටි පැත්තේ ඉස්කුරුප්පු ඇණ ගලවා ඇති බව පෙනේනම්, එය අලුත් වැඩියා කරන ලද එකකි. එවැනි පරිගණකයක් එතරම් හොඳ එකක් නොවේ.

  • බැටරියේ ආරෝපණය පවතීදැයි බලන්න. එය ඉක්මනින් බැස නොයා යුතියි. එසේ නොවේනම් අලුත් බැටරියක් යෙදිය යුතුවේ.

  • ලැප්ටොප් පරිගණකය ක්‍රියාත්මක කර, ටික වේලාවක් තබා එහි පසෙකින් ඇති වාතය පිටතට එන කවුලුවට අත තබා වායු ධාරාවේ උණුසුම පරීක්ෂා කරන්න. උණුසුම වැඩිනම් එහි සිසිලන පංකා නියමිත වේගයෙන් ක්‍රියාත්මක නොවේ. නැතහොත් ඒවායේ දූවිලි බැඳී පැවතිය හැකිය. ඒ කිසිවක් නොවී උණුසුම ඒ නම් එවැනි ලැප්ටොප් පරිගණක මිළදී ගැනීම නුවණට හුරු නැත.

  • යතුරු පුවරුවේ සියලු යතුරු ක්‍රියාත්ම වේදැයි බලන්න.

  • CD/DVD Drivers, Card Reader යනාදිය නිවැරදිව ක්‍රියාත්මක වේදැයි පරීක්ෂා කර බැලිය යුතුය.

උපුටාගත්තේ:- wadiyalk.com

despicable me 2

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes