වයිරස් ගියා කියල කොම්පියුටරේ ෆෝමැට් කරන්නේ කවුද..??

කොහොමද zoom යාලුවනේ....ඔන්න ඉතින් කස්ටියට වයිරස් ප්‍රශ්නෙට හරියටම හරියන උත්තරයක්‌ අරගෙන තමයි අද මම ආවේ....

මේකට කියන්නේ Kaspersky Rescue Disk කියල.මේක කැස්පර්ස්කි ආයතනයේ වෙබ් අඩවියෙන් ඕනෑම කෙනෙකුට නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.මෙන්න පහලින් ලින්ක් ඒක තියෙනවා.image ෆයිල් එකක් තමයි තියෙන්නේ..

මේක මේ වගේ දෙයක්.අපි හිතමු ඔයාලගේ කොම්පියුටරේට වයිරස් ගිහින් දැන් මුකුත්ම කරගන්න දෙයක් නෑ.ෆෝමැට් කරන ඒක විතරයි ඉතුරු වෙලා තියෙන්නේ.ඒ උනාට ඉතින් ෆෝමැට් කරලා දාල තියෙන ඩේටා ටිකට බඩු හම්බුවෙන නිසා ඒක කොරන්නත් බෑ.ඊට පස්සේ ආපහු සොෆ්ට්වෙයා ටික දාන්න ගියහම ඊට වැඩිය එපා වෙනවා..

ඒ ඇර ඔයා කොම්පියුටර් කඩයක් කරනවානම් එහෙම වැඩ කරන්න බෑ,ස්ලෝ ,වයිරස් ගිහින් කියල කට්ටිය රෙපෙයාර් අරන් එන කොම්පියුටර් වලට එයාලගේ ඩේටා වලට හානියන් නොවී ටිකක් හරි ගොඩ දාල දෙන්න පුළුවන්.මේ වගේ ගොඩක් වාසි මේකේ තියනවා..



දැන් කට්ටිය බනී යකෝ මුට පිස්සුද මෙගාබයිට් 300 ක් බාන්න කියන්නේ කියල.මෙහෙමයි ඉතින් ලොකු හදිස්සි ඕනෑකම් එහෙම තියෙන අය ඉන්නවනම් මේක බාගත්තට කමක් නෑ .මොකද ඔයාල නිතර නිතර කොම්පියුටර් රෙපෙයාර් වැඩ වලට එහෙම යනවනම් ඒක එක්කෙනාගේ කොම්පියුටර් වල ෆෝමැට් කරාට පස්සේ ඩ්‍රයිවර්ස් හොයන්න දෙයක් නෑ.මොකද මේකෙන් ලස්සනට වයිරස් ටික කිසි අවුලක් නැතුව අයින් කරලා දෙනවා..

දැන් මේකේ ඩවුන්ලෝඩ් වෙන්නේ ISO ෆයිල් එකක්.මේක CD එකකට රයිට් කරන්න ඕන කියල කියන්න දෙයක් නෑ නේ.හැබැයි ඔයා දැනට පාවිච්චි කරන්නේ කැස්පර්ස්කි 2012 හෝ 2013 නම් ඔයාලට විශේෂ වාසියක් තියෙනවා ඔයාලට ලස්සනට මේ image ෆයිල් ඒක අප්ඩේට් කරගන්න පුළුවන් කැස්පර්ස්කි ගාඩ් ඒක හරහා.ඒක කරන්නේ මේ විදියට..

මුලින්ම කැස්පව ඕපන් කරගන්න.මම මේක කියල දෙන්නේ කැස්පර්ස්කි 2012 න් 2013 ත් මේ වගේම තමයි.2011 ගැන නම් මට දැන් මතකත් නෑ.ඒ නිසා අහන්න එපා.ඔන්න මම ගැජට් ඒක මැද තියෙන හරිය උඩ කොටලා කැස්පව ඕපන් කරගත්ත..


මෙන්න මගේ කැස්පා.මේකේ ඔය යටින් තියෙන Tools කියන ඒක උඩ ක්ලික් කරන්න..


එතකොට මෙහෙම එකක් එයි.මේකෙන් කැස්පර්ස්කි රෙස්කියු ඩිස්ක් කියන ඒක තෝරන්න..


ඊළඟට මෙහෙම එකක් එයි.ඒක Next දෙන්න.ඔය තියෙන ටික කියවල බලන්න ඕනනම් එතකොට අපි මේ කරන්න යන දේ ගැන අදහසක් ගන්න පුළුවන් වෙයි..


ඊළඟට මෙහෙම එකක් එයි..


ඔයා බාපු Image ෆයිල් ඒක තියෙනවනම් ඔය උඩ බොත්තම තෝරලා Next දෙන්න නැත්නම් දැන් ඩවුන්ලෝඩ් කරනවානම් යට බොත්තම උඩ කොටලා Next දෙන්න.ඊළඟට මෙහෙම එකක් එයි..


ඔය උඩ කියපු එකේ පලවෙනි බොත්තම උඩ ක්ලික් කරලා next දුන්නනම් මේ වින්ඩෝ ඒක එයි.මෙතනින් ඉමේජ් ෆයිල් ඒක තියෙන තැන තෝරලා next දෙන්න.ඊළඟට මෙහෙම එකක් එයි.ඩවුන්ලෝඩ් කරන්න තෝරපු අයට ඩවුන්ලෝඩ් කරලා ඉවර උනහම මේ පියවරට යටින් තියෙන ඒක එයි..


ඔන්න මම මගේ ෆයිල් ඒක තේරුවා..


මෙතෙන්දි මෙයා මේ Image ෆයිල් ඒක Extract කරලා ඒක අප්ඩේට් කරනවා.සෙටින්ග්ස් සහ වයිරස් ඩේටාබේස් ඒක.මේකට මෙගාබයිට් 180ක් විතර යනවා..


මේ කියන්නේ ඒක තමයි.. 


උඩ පින්තුරෙන් Next කරහම මෙතෙන්ට යන්නේ.මෙන්න දැන් අර මම කියපු විදියට මෙයා Image file ඒක අප්ඩේට් කරනවා.මේ වැඩේට ටිකක් වෙලා යනවා.ඊට පස්සේ මෙහෙම එකක් එයි..


ඔන්න දැන් වැඩ ටික ඉවර වෙලා මෙය අහනවා දැන් මොකද්ද කරන්න ඕන කියල.ඔයාලට ඕනනම් මෙහෙමම CD එකක් රයිටරේට දාල පලවෙනි Option ඒක තෝරලා රයිට් කරගන්න පුළුවන්..

නැත්නම් දෙවෙනි option ඒක තෝරලා මේක පෙන් එකකට bootable විදියට Save කරගන්න පුළුවන්..

එහෙමත් නැත්නම් iso ෆයිල් එකක් විදියට හාඩ් එකට සේව් කරලා තිය ගන්න පුළුවන්..

හරි දැන් මොනවද මේකේ තියෙන වාසි..,,

මේක වැඩකරන්නේ Bootable ඩිස්ක් එකක් විදියට ඒ කිව්වේ අපි ඔය xp / win7 / cd / dvd කොම්පියුටරේට දාල අර Boot Device Order ඒක හදල ඒ දාපු ඩිස්ක් එකෙන් කොම්පියුටරේ Boot කරනවා කියල එකක් කරන්නේ. අන්න ඒ විදියට තමයි මේකත් ඕපන් කරන්න ඕන.ඉතින් මේක ඕපන් වෙන්නේ මේ විදියට..


මෙතනින් තමන්ට අදාළ බාසාව තෝරාගන්න..


මේකේ ඔය Graphic Mode කියන ඒක තෝරාගන්න එතකොට ටිකක් ලෝඩ් වෙලා මෙහෙම එයි.මේකත් හරියට ඔපරේටින් සිස්ටම් එකක් වගේම තමයි.මේ තියෙන්නේ ඩෙස්ක්ටොප් ඒක..


ඉතින් දැන් ඕකෙන් kaspersky Rescue disk කියන ඒක තෝරගත්තම මෙහෙම එකක් එයි..


හ්ම්ම් දැන් ඉතින් ඔතන තියෙන ඔක්කොම ටික තෝරලා ස්කෑන් ඒක පටන් ගන්න.ඔක්කොම තෝරන්න ඕනෙත් නෑ.හැබැයි ඉතින් ෂුවර් නැත්නම් තෙරුවත් කමක් නෑ.වයිරස් සබ්බ සකල මනාවම සුද්ද වෙලා දූරින්බූත වෙලා යනවා ඒකාන්තයි....


මේ තියෙන්නේ සෙටින්ග්ස් ටික ඔයාල ගාව කැස්පර්ස්කි අප්ඩේට් ඒක එහෙම තියෙනවා නම් මෙයාවත් අප්ඩේට් කරගන්න පුළුවන්..

මෙයාගෙන් මෙච්චර හොඳට වයිරස් ක්ලීන් වෙන්නේ මේකෙදි ඔයාලගේ ඔපරේටින් සිස්ටම් එකත් එක්ක සම්බන්දයක් නැතුව වෙනමම නේ ස්කෑන් වෙන්නේ.ඒ නිසා OS එකත එක්ක ලෝඩ් වෙන වයිරස් එකක්වත් වැඩ කරන්න පටන් ගෙන නැති නිසා මෙය ඒ හැම එකක්ම ක්ලීන් කරලා දානවා....


A Drop from Limitless Technology




දැන් ඉතින් virus ගියා කියලා,computer එක slow වෙලා කියලා format කර කර ඉන්න ඕනි නෑ.මන් හිතනවා මේක ගොඩක් අයට වැදගත් වුනා කියලා.ඉතින් නිකන්ම යන්නේ නැතුව comment එකක්...










උපුටාගෑනීම:- zoom.lk

despicable me 2

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes