Google adsense සදහා විකල්පයක් ලෙසින් බාවිතා කල හැකි “bidvertiser”

උපුටාගත්තේ:- trickslanka.com
ඔබේ Google Adsense ගිණුම ban උනාද? එසේ නැතිනම් ඔබේ බ්ලොග් එක හෝ වෙබ් අඩවිය සිංහළ බසින් තිබෙන නිසා Adsense සදහා අයදුම් කිරීමට නොහැකිවද ඉන්නේ? එහෙමනම් මේ කියන්න යන්නේ ඒ සදහා හොදම විසදුමකුයි. ඒ තමයි “Bidvertiser”. Adsense සදහා හොදම විකල්පයක් ලෙස Bidvertiser හදුන්වන්නට පුළුවන්. ඒ වගේම Bidvertiser කියන්නේ PPC (Pay per click) ad network එකක්. 2003 වසරේ ආරම්බ කල “Bidvertiser” advertising ආයතනයට මේ වන විට අන්තර්ජාල advertising ශේත්‍රයේ හොද ස්ථාවරයක රැදීසිටීමට හැකිවී තිබෙනවා. මම දැකලා තිබෙන විදියට Bidvertiser දැන්වීම් වැඩි වශයෙන් ජනප්‍රිය bloggers ලා අතරෙයි. ඔබේ වෙබ් අඩවියේ හෝ බ්ලොග් එක ලියැවෙන භාශාව හෝ ඒ වෙත පැමිණෙන visitors ලාගේ ප්‍රමාණයBidvertiser ගිණුමක් සදහා අයදුම් කිරීමට ප්‍රශ්නයක් නෙවෙයි. ඒ වගේම අලුතින් හදපු බ්ලොග් එකකට හෝ වෙබ් අඩවියකට උනත් කිසිම ගැටළුවක් නැතුව Bidvertiser සදහා අයදුම් කල හැකියි. ඔබ ගිණුමක් සදහා ලියාපදිංචි වූ සැනින්ම ඔබේ ගිණුම activate වෙනවා.
මෙවැනි PPC Ad network එකක ads තමන්ගේ බ්ලොග් එකේ හෝ වෙබ් අඩවියට එකතු කරගන්න හිතන ඕනෑම අයෙකුට මුලින්ම ඇතිවන ගැටළුවක් තමයි “එක click එකකට කෙතරම් මුදලක් ගෙවනවාද” යන්න. සාමන්‍යයෙන් $0.05 – $0.30 ත් අතර මුදලක් එක ක්ලික් එකක් සදහා Bidvertiser විසින් ගෙවනු ලබනවා. සමහර Ads සදහා එක ක්ලික් එකක් සදහා $1 ක් ගෙවන අවස්ථාත් තිබෙනවා. එය තීරණය වෙන්නේ ඔබේ බ්ලොග් එකේ හෝ වෙබ් අඩවියේ අන්ත්රගතයේ තිබෙන keywords අනුව ලැබෙන ads සහ එම Ad එක click කල කෙනා ඉන්න රටයි. වෙනත් PPC ad networks සමග මීට පෙර ඔබ ගණුදෙනු කර තිබෙනවානම් USA, UK, Canada වැනි රටවලින් ලැබෙන clicks වලට වැඩි මුදලක් ගෙවන බව ඔබ අත්දැකීමෙන්ම දන්නවා ඇති. Clicks වලින් ලැබෙන මුදලට අමතරව conversions සදහා අමතර bonus මුදලකුත් bidvertiser විසින් විසින් ඔබට ලබාදෙනවා. මෙතැනදී conversion bonus එකක් ලෙස හදුන්වන්නේ, යම් අයෙක් ඔබේ Ad එකක් click කළ විට ඔහුට form එකක් වගේ ලැබුනොතින් ඔහු ඔහුගේ නිවැරදි email address එක ලබාදී එම form එක පිරවුවොතින් ඒ සදහා ඔබට ලැබෙන bonus මුදලයි.
Adsense වල වගේම Bidvertiser වලදීත් විවිද ප්‍රමාණයේ Text ads වගේම Banner ads සිය Publishers ලා සදහා ලබාදී තිබෙනවා. Bidvertiser වල ඇති විශේෂ දැන්වීම් වර්ගයක් තමයි slider ads. මෙම slider ads සදහා ලැබෙන clicks වලට සාමාන්‍ය ad එකකට වඩා වැඩි මුදලක් Bidvertiser විසින් ගෙවනු ලබනවා. Visitors ලා අපහසුතාවයට පත්වේයැයි සිතන ඔබ සමහර විට මෙවැනි slider ads බාවිතයට අකමැති වෙන්න පුළුවන්. නමුත් මම දකින විදයට මෙයින් visitors ලා අපහසුතාවයකට පත්වෙන්නේ නැහැ. මොකද visitor ට හැකියාව තිබෙනවා තමන් අකමැති නම් එම දැන්වීම close කර දමන්නට. ඒ වගේම එක් වරක් එම visitor ට එම දැන්වීම දර්ශනය වූ පසු පැය 24 ක් යන තුරු එම Slider ad එක නැවත එම visitor හට දර්ශනය වෙන්නේ නැහැ. අනෙක් Ads මාදිලිය තමයි popup ads. මම දකින විදියට Popup ads නිසා visitors ලා සම්පුර්ණයෙන්ම අපහසුතාවයට පත්වෙනවා. නමුත් ඒ සදහා වැඩි මුදලක් Bidvertiser විසින් ගෙවනු ලබනවා. කොහොම නමුත් එවැනි Popup ads බාවිතය මම අනුමත කරන්නේ නැහැ. නමුත් ඔබේ කැමැත්ත අනුව ඉහත අපි කතා කල ඕනෑම විදියක Ads Bidvertiser සමගින් ඔබට බාවිතකරන්නට පුළුවන්. PPC ads වලට අමතර තවත් ක්‍රම කිහිපයකින්ම මුදල් ඉපයීමට Bidvertiser විසින් ඔබට අවස්ථා දී තිබෙනවා.
Bidvertiser සමගින් ඔබ උපයන මුදල් ලබාගැනීමට ක්‍රම කිහිපයක්ම ඔවුන් හදුන්වා දී තිබෙනවා. Cheque එකක් ලෙසින්, Moneybookers හරහා, western union හරහා, wire transfer එකක් හෝ ඔබේ PayPal ගිනුමට ඔබ ඉපයූ මුදල් ලබාගත හැකියි.
payment proof Google AdSense සදහා විකල්පයක් ලෙසින් බාවිතා කල හැකි Bidvertiser
මම ආරම්බයේදී සදහන් කල ලෙසට ඔබ Adsense වලින් බටකෑ අයෙක් නම්, එසේ නැතිනම් සිහල බසින් බ්ලොග් එකක් ලියන අයෙකු නම්, Bidvertiser තමයි ඔබට තිබෙන හොදම විකල්පය. ඉතින් ඇයි තවත් බලන් ඉන්නේ? දැන්ම BIdvertiser සමගින් ලියාපදිංචි වී විනාඩි කිහිපයක් ඇතුලත ඔබේ බ්ලොග් එකටත් ads එක් කර යම් මුදලක් උපයන්න උත්සහ කරන්න. එහෙමනම් Bidvertiser සමගින් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙන ඔබට සුබ පැතුම්.!

despicable me 2

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes