Google adsense සදහා විකල්පයක් ලෙසින් බාවිතා කල හැකි “bidvertiser”

උපුටාගත්තේ:- trickslanka.com
ඔබේ Google Adsense ගිණුම ban උනාද? එසේ නැතිනම් ඔබේ බ්ලොග් එක හෝ වෙබ් අඩවිය සිංහළ බසින් තිබෙන නිසා Adsense සදහා අයදුම් කිරීමට නොහැකිවද ඉන්නේ? එහෙමනම් මේ කියන්න යන්නේ ඒ සදහා හොදම විසදුමකුයි. ඒ තමයි “Bidvertiser”. Adsense සදහා හොදම විකල්පයක් ලෙස Bidvertiser හදුන්වන්නට පුළුවන්. ඒ වගේම Bidvertiser කියන්නේ PPC (Pay per click) ad network එකක්. 2003 වසරේ ආරම්බ කල “Bidvertiser” advertising ආයතනයට මේ වන විට අන්තර්ජාල advertising ශේත්‍රයේ හොද ස්ථාවරයක රැදීසිටීමට හැකිවී තිබෙනවා. මම දැකලා තිබෙන විදියට Bidvertiser දැන්වීම් වැඩි වශයෙන් ජනප්‍රිය bloggers ලා අතරෙයි. ඔබේ වෙබ් අඩවියේ හෝ බ්ලොග් එක ලියැවෙන භාශාව හෝ ඒ වෙත පැමිණෙන visitors ලාගේ ප්‍රමාණයBidvertiser ගිණුමක් සදහා අයදුම් කිරීමට ප්‍රශ්නයක් නෙවෙයි. ඒ වගේම අලුතින් හදපු බ්ලොග් එකකට හෝ වෙබ් අඩවියකට උනත් කිසිම ගැටළුවක් නැතුව Bidvertiser සදහා අයදුම් කල හැකියි. ඔබ ගිණුමක් සදහා ලියාපදිංචි වූ සැනින්ම ඔබේ ගිණුම activate වෙනවා.
මෙවැනි PPC Ad network එකක ads තමන්ගේ බ්ලොග් එකේ හෝ වෙබ් අඩවියට එකතු කරගන්න හිතන ඕනෑම අයෙකුට මුලින්ම ඇතිවන ගැටළුවක් තමයි “එක click එකකට කෙතරම් මුදලක් ගෙවනවාද” යන්න. සාමන්‍යයෙන් $0.05 – $0.30 ත් අතර මුදලක් එක ක්ලික් එකක් සදහා Bidvertiser විසින් ගෙවනු ලබනවා. සමහර Ads සදහා එක ක්ලික් එකක් සදහා $1 ක් ගෙවන අවස්ථාත් තිබෙනවා. එය තීරණය වෙන්නේ ඔබේ බ්ලොග් එකේ හෝ වෙබ් අඩවියේ අන්ත්රගතයේ තිබෙන keywords අනුව ලැබෙන ads සහ එම Ad එක click කල කෙනා ඉන්න රටයි. වෙනත් PPC ad networks සමග මීට පෙර ඔබ ගණුදෙනු කර තිබෙනවානම් USA, UK, Canada වැනි රටවලින් ලැබෙන clicks වලට වැඩි මුදලක් ගෙවන බව ඔබ අත්දැකීමෙන්ම දන්නවා ඇති. Clicks වලින් ලැබෙන මුදලට අමතරව conversions සදහා අමතර bonus මුදලකුත් bidvertiser විසින් විසින් ඔබට ලබාදෙනවා. මෙතැනදී conversion bonus එකක් ලෙස හදුන්වන්නේ, යම් අයෙක් ඔබේ Ad එකක් click කළ විට ඔහුට form එකක් වගේ ලැබුනොතින් ඔහු ඔහුගේ නිවැරදි email address එක ලබාදී එම form එක පිරවුවොතින් ඒ සදහා ඔබට ලැබෙන bonus මුදලයි.
Adsense වල වගේම Bidvertiser වලදීත් විවිද ප්‍රමාණයේ Text ads වගේම Banner ads සිය Publishers ලා සදහා ලබාදී තිබෙනවා. Bidvertiser වල ඇති විශේෂ දැන්වීම් වර්ගයක් තමයි slider ads. මෙම slider ads සදහා ලැබෙන clicks වලට සාමාන්‍ය ad එකකට වඩා වැඩි මුදලක් Bidvertiser විසින් ගෙවනු ලබනවා. Visitors ලා අපහසුතාවයට පත්වේයැයි සිතන ඔබ සමහර විට මෙවැනි slider ads බාවිතයට අකමැති වෙන්න පුළුවන්. නමුත් මම දකින විදයට මෙයින් visitors ලා අපහසුතාවයකට පත්වෙන්නේ නැහැ. මොකද visitor ට හැකියාව තිබෙනවා තමන් අකමැති නම් එම දැන්වීම close කර දමන්නට. ඒ වගේම එක් වරක් එම visitor ට එම දැන්වීම දර්ශනය වූ පසු පැය 24 ක් යන තුරු එම Slider ad එක නැවත එම visitor හට දර්ශනය වෙන්නේ නැහැ. අනෙක් Ads මාදිලිය තමයි popup ads. මම දකින විදියට Popup ads නිසා visitors ලා සම්පුර්ණයෙන්ම අපහසුතාවයට පත්වෙනවා. නමුත් ඒ සදහා වැඩි මුදලක් Bidvertiser විසින් ගෙවනු ලබනවා. කොහොම නමුත් එවැනි Popup ads බාවිතය මම අනුමත කරන්නේ නැහැ. නමුත් ඔබේ කැමැත්ත අනුව ඉහත අපි කතා කල ඕනෑම විදියක Ads Bidvertiser සමගින් ඔබට බාවිතකරන්නට පුළුවන්. PPC ads වලට අමතර තවත් ක්‍රම කිහිපයකින්ම මුදල් ඉපයීමට Bidvertiser විසින් ඔබට අවස්ථා දී තිබෙනවා.
Bidvertiser සමගින් ඔබ උපයන මුදල් ලබාගැනීමට ක්‍රම කිහිපයක්ම ඔවුන් හදුන්වා දී තිබෙනවා. Cheque එකක් ලෙසින්, Moneybookers හරහා, western union හරහා, wire transfer එකක් හෝ ඔබේ PayPal ගිනුමට ඔබ ඉපයූ මුදල් ලබාගත හැකියි.
payment proof Google AdSense සදහා විකල්පයක් ලෙසින් බාවිතා කල හැකි Bidvertiser
මම ආරම්බයේදී සදහන් කල ලෙසට ඔබ Adsense වලින් බටකෑ අයෙක් නම්, එසේ නැතිනම් සිහල බසින් බ්ලොග් එකක් ලියන අයෙකු නම්, Bidvertiser තමයි ඔබට තිබෙන හොදම විකල්පය. ඉතින් ඇයි තවත් බලන් ඉන්නේ? දැන්ම BIdvertiser සමගින් ලියාපදිංචි වී විනාඩි කිහිපයක් ඇතුලත ඔබේ බ්ලොග් එකටත් ads එක් කර යම් මුදලක් උපයන්න උත්සහ කරන්න. එහෙමනම් Bidvertiser සමගින් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙන ඔබට සුබ පැතුම්.!

32-BIT හා 64-BIT මෙහෙයුම් පද්ධති අතර වෙනස [DIFFERENCE BETWEEN 64-BIT AND 32-BIT OPERATING SYSTEMS]

               අපේ ගොඩක් අය 32-bit, 64-bit කියල අහලත් ඇතිනේ, එත් සමහර අය ඒවායේ ඇත්ත තේරුම්, ඒවගෙන් මොනවද වෙන්නේ කියල දැන් නැතුව ඇති. එනිසා මම අද 32-bit හා 64-bit මෙහෙයුම් පද්ධති (Operating System - XP, Vista, Win7, Win8) පිළිබදව, ඒවායේ වෙනස්කම් හා ඒවායෙන් පරිගණකයට සුදුසුම කුමක්ද යන්න තමා කියන්නේ. ඕගොල්ලෝ දන් නැති, ගොඩක් වටිනා විස්තර මේ post එකේ ඇති ඒ නිසා කියවලම බලන්න..


              මූලික වශයෙන් 32-bit හා 64-bit යනු processor එක සැලසුම් කර ඇති ආකාරයයි. ඒවාට ගැළපෙන ලෙස මෙහෙයුම් පද්ධති සැලසුම් කල විට ඒවාත් 32-bit හා 64-bit යනුවෙන් හදුන්වයි. එම මෙහෙයුම් පද්ධති වලට ගැලපෙන වෙනත් වැඩසටහන්ද (software) හදුන්වන්නේ එම bit අගය ඇසුරෙනි. 64-bit මාදිලියේ වැඩසටහන් භාවිතා කළ හැක්කේ 64-bit වලට සහය දෙන processors ඇති පරිගණක වලදී පමණක් වුවත්, 32-bit මාදිලියේ වැඩසටහන් මේ කවර එකකදී වුව භාවිත කළ හැකිය.

           එහෙත් එහිදී මුහුණ පාන්නට වෙන ගැටලුව වන්නේ 32-bit මෙහෙයුම් පද්ධතියකට භාවිතා කළ හැකි උපරිම ram ධාරිතාව 3.41 GB (සමහර 32-bit OS වලට 4GB support කරයි. නමුත් බොහෝ විට එහි සම්පුර්ණ වේගය ලබා නොදෙයි) කට සීමාවීමයි. එහෙත් 64-bit මෙහෙයුම් පද්ධතියක් සදහා 128 GB දක්වා සහය දක්වයි. මේ නිසා 4 GB හෝ ඊට වැඩි ram ප්‍රමාණයක් භාවිතා කරන්නන්ට, 64-bit මෙහෙයුම් පද්ධතියක් install කර ගත යුතුය.


         64-bit මෙහෙයුම් පද්ධතියක් install කර ගැනීමේ ඇති අවාසි වන්නේ ඇතැම් වැඩසටහන් ඒ සමග නොගැලපීමයි. තරමක් පැරණි software හෝ hardware භාවිතා කරන්නේ නම් 64-bit මෙහෙයුම් පද්ධතිය සමග ඒවා නොගැළපෙන අවස්ථා වැඩිය.

             64-bit මෙහෙයුම් පද්ධති වල ඇති මූලික වාසිය වන්නේ එවිට 64-bit processor එකෙන් උපරිම වැඩ ගත හැකිවීමයි. එසේම ram එක සමග වේගයෙන් කටයුතු හැකිවීමයි. අනෙක් අතට දැන් තිබෙන සමහර වැඩසටහන් නිර්මාණය කරන්නේ 64-bit මෙහෙයුම් පද්ධතිය සමග ගැලපෙන ආකාරයෙනි. එනිසා මෙම අලුත් වැඩසටහන් වලින් වැඩ කරන්නට නම් අනිවාර්යයෙන්ම 64-bit මෙහෙයුම් පද්ධතියක් පරිගණකයට install කර ගත යුතුය. 

උපුටාගත්තේ:- efoax.blogspot.com

PROCESSOR එකක් නිර්මාණය වී ඇති ආකාරය හා එහි ක්‍රියාකාරීත්වය.


පරිගණකයක ඇති ප්‍රධානතම උපාංගය වන්නේ processor එකයි. පරිගණකයේ 'මොළය' ලෙසද මෙය ඇතැම් විට හදුන්වයි. බොහෝ විට පරිගණකයක් හදුන්වන්නේද එහි processor එකෙහි වර්ගය හා වේගය කීමෙනි. Processor වර්ග කිහිපයක් තිබේ. එනම් Intel, AMD, Motorola, Cyrix යනු ඉන් කිහිපයකි. 


සිලිකන් හෝ වෙනත් අර්ධ සන්නායක මතුපිටක සැකසු විද්‍යුත් පරිපථ සමුහය චිපයක් (chip) ලෙස හදුන්වයි. චිපයක ඇති පරිපථයක් ඩිජිටල් තර්කය (digital logic) අනුව ක්‍රියාත්මක වෙයි. Microprocessor හෝ processor යනු දත්ත සකසන (data processing) මෙවැනි චිපයකි. මුල් කාලයේ processor එකක් යනු එක් චිපයකි. එහෙත් දැන් චිප් කිහිපයක් හෙවත් processor පරිපථ කිහිපයක් තනි සිලිකන් කැබැල්ලක පිහිටුවා තිබේ.  එවැනි processors, multi-core processors ලෙස හදුන්වයි. Multi-core processor එකක් යනු සැබවින්ම processor කිහිපයක එකතුවකි. (dual-core, quad-core, core i3, etc..)

Processor එක ප්‍රධාන කොටස් 3කින් සමන්විතය

1. පාලන ඒකකය (Control Unit)
  • ලැබී ඇති උපදෙස් වලට අදාලව පද්ධතියේ විවිධ කොටස් වලට  පාලන උපදෙස් නිකුත් කිරීම මගින් පරිගණක පද්ධතියක සියලුම කටයුතු හැසිරවීම මෙමගින් සිදු කරයි. තවද මතකයේ ඇති උපදෙස් ලබාගෙන ඒවා විකේතනය (decode) කිරීමද සිදු කරයි.

2. ගණිතමය හා තාර්කික ඒකකය (ALU - Arithmetic and Logic Unit)
  • Processor එක මගින් සිදු කරන සියලුම ආකාරයේ ගණිතමය කටයුතු හා දත්ත සැසදීම් (compare) මෙමගින් සිදු කරයි.

3. රෙජිස්ටර් අරාව (Registry Array)
  • දත්ත හා උපදෙස් ගණිතමය හා තාර්කික ඒකකයට (ALU) හා සකස් කරන ලද දත්ත ප්‍රධාන මතකයට යවන තෙක් තවකාලිකව මෙහි තැම්පත් කරගනී.

Processor එකක් දියුණු වෙනවාය කියන්නේ එහි පරිපථ සංකීර්ණ වීම පමණක් නොවේ. එය ලබාගන්නා ශක්තිය අඩුවිය යුතු අතර ඒ නිසාම චිපය ක්‍රියාත්මක වීමේදී පිටකරන රස්නය අඩු විය යුතුය. Processor එකක් ක්‍රියාත්මක වන විට එය 60°Cකට ආසන්න උෂ්ණත්වයකට රත් වේ. මේ රත් වීම නිසා processor එකෙහි කාර්යක්ෂමතාවය අඩු වෙයි. Processor එකෙහි කාර්යක්ෂමතාවය ඉහළ අගයක තබා ගැනීමට එහි උෂ්ණත්වය අඩු කල යුතුය. ඒ සදහා processor එකට ස්පර්ශ වන ලෙස තාප සන්නායක තහඩු (heat sink) තබා එයට අධිවේගී සිසිලන පංකාවක් (cooling fan) සවිකර තිබේ. Processor එක මගින් නිපදවන තාපය තාප සන්නායක තහඩු දිගේ එලියට කාන්දු වන අතර සිසිලන පංකාවෙන් ලැබෙන සුළං ධාරාවෙන් එම තාපය ඉවත් කරමින් තහඩු සිසිල් කරයි. එම ක්‍රියාවලිය දිගින් දිගටම සිදුවුමේදී processor එකේ රස්නය අඩු වෙයි.


පරිගණකයක් ක්‍රියාත්මක වීමට අදාළ ගණනය කිරීම්, පරිගණකයේ ක්‍රියායනයන් (processes) හා පාලන කිරීමේ කටයුතු වලින් වැඩි පංගුවක් ඉටු කරන්නේ processor එක මගිනි. වේගය අනුව processors වර්ග කරයි.

පරිගණකයේ කාර්යක්ෂමතාවය (efficiency) කෙරෙහි බලපාන ප්‍රධාන සාධකය වන්නේ processor හෙවත් cpu (central processing unit) එකෙහි වේගයයි. වේගය ගිගාහර්ට්ස් (Ghz) වලින් මනිනු ලබන අතර එය ඝටිකා වේගය (clock speed) ලෙසද හදුන්වයි. වේගයේ අගයෙන් කියවෙන්නේ පරිගණකයට වැඩසටහන් (programmes) ධාවනය (run) කිරීමට හැකි වේගයයි. CPU එකේ ධාරිතාවය (capacity) පද විශාලත්වය (word size) ලෙසද හදුන්වයි. පදයක් යනු එක වරකදී cpu එකෙහි ගබඩා කොටගෙන මෙහෙයවිය හැකි උපරිම (bits) ගණනයි. 

වේගය 1Hz යනු එම processor එකට තත්පරයක් තුළදී යාන්ත්‍රික උපදේශන (machine instruction) 1ක් ක්‍රියාත්මක කළ හැකි බවයි.

1000Hz = 1KHz
1000KHz = 1MHz
1000MHz = 1GHz

Machine Instruction

පරිගණකය වෙත යම් විධානයක් ලබා දුන් විට එය පරිගණක භාෂාවට හරවා ගනී. එසේ පරිවර්තනය කර ගත් උපදෙස් මාලාව ක්‍රියාවට නගන්නේ processor එක මගිනි. Processor එක මෙසේ උපදෙස් ක්‍රියාත්මක කරන්නේ අංක ගණිත හා තාර්කික මෙහෙයුම් (arithmetic and logic unit) භාවිතා කරමිනි. මෙසේ processor එක මගින් ක්‍රියාවට නංවන උපදෙස් machine instruction ලෙස හදුන්වනු ලබයි. Keyboard එකෙහි එක් යතුරක් එබීමෙන් පරිගණකය වෙත ලබා දෙන signal එක ඇතැම් විට machine instruction සිය ගණනක් විය හැකිය.

සංචිත මතකය (Cache Memory)

මෙය processor එක තුල පවතින තාවකාලික මතකයකි. එක විට වැඩි උපදෙස් ප්‍රමාණයක් processor එක වෙත ලබා දුන් විට හෙවත් එකවර කාර්යයන් කිහිපයක් කරන සමහර අවස්ථාවලදී processor එකට එය දරා ගත නොහැකිව ක්ෂණිකව ක්‍රියා විරහිත වෙයි. හෙවත් stuck වෙයි. වැඩි cache memory එකක් processor එක සතුව ඇත්නම් මෙය සිදු නොවේ. එවිට එක විට ලබා දෙන උපදෙස් cache memory එක තුළ මතකයේ තබාගෙන (buffer) ඒවා එකින් එක ක්‍රමවත්ව processor එක වෙත ලබාදෙයි.

සංචිත මතක මට්ටම් 3ක් තිබේ.

1. Level 1 Cache Memory
          ඉතාමත් වේගවත්ම මට්ටම වන්නේ මෙම මට්ටමයි. ඒ නිසා මෙහි දත්ත processor එකට ගමන් කිරීමට දත්ත බසය (data bus) භාවිතා නොකරයි. මෙමගින් processor එකට අවශ්‍ය දත්ත පමණක් සපයන අතරම මෙය ප්‍රධාන මතකයට වඩා වේගවත්ය.

2. Level 2 Cache Memory
          මෙය motherboard එකේ පිහිටා ඇති විට දත්ත යැවීමට දත්ත බසය භාවිතා කරන අතර තරමක් වේගය අඩු වෙයි. නමුත් ප්‍රධාන මතකයට වඩා වේගවත් වෙයි. මෙමගින් Level 1 Cache Memory එකට අවශ්‍ය දත්ත ලබාදෙයි.

3. Level 3 Cache Memory
          මෙයද motherboard එකේ පිහිටා ඇති විට දත්ත යැවීමට දත්ත බසය භාවිතා කරන අතර තරමක් වේගය අඩු වෙයි. නමුත් ප්‍රධාන මතකයට වඩා වේගවත් වෙයි. මෙමගින් Level 2 Cache Memory එකට අවශ්‍ය දත්ත ලබාදෙයි. 


නුතන පරිගණක වල මෙම මතක මට්ටම් තුනම හෝ ඉන් කිහිපයක් හෝ ඇත.


Processor එකක් මිලදී ගැනීමේදී සැලකිය යුතු කරුණු:-

1. වේගය (Speed)
  • Processor එකක වේගය තීරණය කල යුත්තේ ඉන් කරන වැඩ කටයුතු අනුවය. වේගවත් processor එකක් අවශ්‍ය වන්නේ video game, වෘත්තීය මට්ටමේ 3D සජීවිකරණ කටයුතු වැනි දේ සිදු කිරීමට අවශ්‍ය පරිගණක වලටය.

2. Cache Memory ප්‍රමාණය
  • 1Mb හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් වීම සාමාන්‍ය භාවිතය සදහා උචිතය.

3. මව්පුවරුවට (Motherboard) සවි කිරීමට ඇති හැකියාව
  • විවිධ processor වල ප්‍රමාණය හා pin ගණන අනුව එය සවිකිරීම සදහා motherboard එකේ socket එකක් පිහිටුවා ඇත. මේ නිසා ලබා ගන්නා processor එක සවි කළ හැකි motherboard එකක් මිලදී ගත යුතුය. Pentium processor එකක් යොදා ගන්නා විට නියම intel motherboard එකක් භාවිතා කළ විට පරිගණකය භාවිතයේදී ඇතිවන තාක්ෂණික ගැටලු අඩුවීම නිදසුනකි.

4. වගකීම් කාල සීමාව (Warranty)
  • අවම වශයෙන් වසරක හෝ ඊට වඩා වැඩි වගකීම් කාලයක් ලබා ගැනීම  හොදය.          

Post එක හොදනම් හරි ඕගොල්ලොත් තව දන්න දේවල් තියනවනම් අනිත් අයටත් දැනගන්න පහළින් Comment එකක් දාන්න.


උපුටාගත්තේ:- efoax.blogspot.com

භාවිතා කරනු ලැබූ Laptop පරිගණකයක් මිළඳී ගැනීමේදී සැලකිය යුතු කරුණු

[Image: Untitled-1.jpg]



භාවිතා කරපු ලැප්ටොප් පරිගණකයක් ලබා ගැනීමේදී, එහෙමත් නැත්නම් මිළදී ගැනීමේදී අප සැලකිලිමත් විය යුතු කොටස් කිහිපයක් තිබෙනවා.
  • පරිගණකයෙන් කර ගැනීමට බලාපොරොත්තු වෙන වැඩවලට Processor, RAM සහ Hard Disk යන උපාංගවල ධාරිතාවන් ගැළපෙනවද කියලා බලන්න ඕනි. ඒ වගේම CD/DVD Writer, Web Cam, Bluetooth හැකියාව, WiFi හැකියාව, Card Reader පවතීද යනාදී අත්‍යාවශ්‍ය හැකියා තිබේදැයි විමසා බලන්න.

  • පරිගණක තිරයේ දිග-පළල තමාගේ අවශ්‍යතාවයන්ට ගැලපේදැයි බලන්න. ඒ වගේම එම තිරය හෙවත් Screen එකේ සෑම තැනකම එකම ආකාරයෙන් වර්ණ පේනවද කියලා බලන්න. යම් තැනක වර්ණ නොපෙනෙන දිලිසුම් ස්ථාන තියෙනවනම් ඒ Screen එක දෝෂ සහිතයි.

  • ලැප්ටොප් පරිගණකයේ බාහිර ආවරණයෙහි (chassis) තැලුම් ලකුණු වේනම් එය බිම වැටීමට ලක් වූ එකක් වෙන්න පුලුවන්. ඒ වගේම පරිගණකයේ යටි පැත්තේ ඉස්කුරුප්පු ඇණ ගලවා ඇති බව පෙනේනම්, එය අලුත් වැඩියා කරන ලද එකකි. එවැනි පරිගණකයක් එතරම් හොඳ එකක් නොවේ.

  • බැටරියේ ආරෝපණය පවතීදැයි බලන්න. එය ඉක්මනින් බැස නොයා යුතියි. එසේ නොවේනම් අලුත් බැටරියක් යෙදිය යුතුවේ.

  • ලැප්ටොප් පරිගණකය ක්‍රියාත්මක කර, ටික වේලාවක් තබා එහි පසෙකින් ඇති වාතය පිටතට එන කවුලුවට අත තබා වායු ධාරාවේ උණුසුම පරීක්ෂා කරන්න. උණුසුම වැඩිනම් එහි සිසිලන පංකා නියමිත වේගයෙන් ක්‍රියාත්මක නොවේ. නැතහොත් ඒවායේ දූවිලි බැඳී පැවතිය හැකිය. ඒ කිසිවක් නොවී උණුසුම ඒ නම් එවැනි ලැප්ටොප් පරිගණක මිළදී ගැනීම නුවණට හුරු නැත.

  • යතුරු පුවරුවේ සියලු යතුරු ක්‍රියාත්ම වේදැයි බලන්න.

  • CD/DVD Drivers, Card Reader යනාදිය නිවැරදිව ක්‍රියාත්මක වේදැයි පරීක්ෂා කර බැලිය යුතුය.

උපුටාගත්තේ:- wadiyalk.com

GTA 4 මෙගාබයිට් 3යි බන් Mediafire ඩවුන්ලෝඩ් කරලා ගහන්න.විහිලු නොවේ.

 
ඔන්න මෙදා පොටේ ගෙනාවා පට්ටම සීන් එකක්.
ඔයාලා දන්නවානේ මේ පින්තූරේ දැක්කම ගේම් එක.මේක ෆුල් ඩවුන්ලෝඩ් කරන්න ගියානම් 4GB වත් යනවා.ඉතින් කවුද මේවා බාන්නේ..අවුලක් නෑ ,
ඔන්න දැන් එහෙම බාන්න ඕනේ නෑ මේ 3mb ෆයිල් එක ඩවුන්ලෝඩ් කරලා Extract කරලා Install කරලා ඇති තරම් Play කරන්න පුලුවන්.100% ටෙස් කරලා තියෙන්නේ.නියමෙට වැඩ.


මෙන්න මෙතනින් බාන්න.
( 3 mb Only )

අද ඔන්න ආපහු මේක ආපහු අප්ලෝඩ් කරා 2013.07.04

හරි දැන් මෙන්න මෙහෙම KB Archive එකෙන් Extract කරන්න.



මෙන්න මේකේ වීඩීයෝවක්.



මෙන්න පින්තූර.

GTA IV highly compressed pc game download

GTA IV highly compressed pc game download

GTA IV highly compressed pc game download

GTA IV highly compressed pc game download

GTA IV highly compressed pc game download

ඔන්න එහෙනම් මේ සීන් එකට කැමති අය අදහස්  පහල දාන්න.

Airtel unlimited sms - නොමිලේ මල් කඩන්න


මේක use කරන්න වෙන්නෙ නම්  airtel සිම් use කරන අයට විතරයි

මෙක එක්තරා ආකරයක නියම ක්‍රමයක්.airtel 25 පැකෙජ් 1 දැම්මහම
free sms 500 හම්බ වෙනවා නේ. නමුත් අපේ අයියලා කොටන්න ගියහම දන්නවනෙ ඉතින් ඉවරයක් නැනෙ sms 500 ඉවරයි පැය බගෙන්.එහෙනම් දැන් බලමු අන්ලිමිටඩ් sms යවන විදිය.
එහෙනම් පියවරෙන් පියවර පහත පරිදි කරන්න.



උපුටාගත්තේ:- Aluth.com

ඔයාගේ කොම්පියුටර් එක core i7 එකක් කරමු.නොමිලේ ..

ලංකාවේ ගොඩාක් අය ලග කෝ අයි 7 කොම්පියුටර් නෑ.ඒත් ඉතින් තියෙනවා වගේ පෙන්නන ඔයාට පුලුවන්.යාලුවන්ව පොඩි බයිට් පාරක් දාන්න එහෙම පුලුවන් හෙ හෙ.මෙන්න මේ පොඩි ට්‍රික්ස් එක කරලම බලන්න හරි ලේසියි.හොරාට කොම් විකුණන්න යොදා නොගන්න :P



මේ පේනවා නේද ඩුවල් කෝ එකක් කෝ අයි 7 වෙලා තියෙන හැටි.



වැඩි කතා නැතුව අපි වැඩේට බහිමු.

despicable me 2

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes